Pages

16 September 2015

කුලය (රාජකාරි ක්‍රමය)

කුලය නිසා සමහරු උසස් පහත් ලෙස සමාජයේ මතයක් පවතී.
ආදී ශ්‍රී ලංකාවේ එනම් 1833ට පෙර යුගයේ මිනිසුන්ට රැකියා ප්‍රශ්න තිබුනේ නැත.රැකියාව උරුම වූයේ පරම්පරාවෙන්ය.උදාහරණයක් ලෙස ගොවියාගේ පුතා ගොවියෙකුම විය යුතුය.බෙර ගහන්නාගේ පුතාද එයම කල යුතුය.ඔවුන්ට වෙන රැකියා කිරීමට එකල සමාජයෙන් ඉඩ නැත.කුලය ඇති වන්නේ මෙම රැකියා ක්‍රමය මතය.1833 වර්ෂයේ ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසීන් මෙම ක්‍රමය වෙනස් කර ධනවාදී ලිබරල් ක්‍රමය රට තුළ ස්ථාපිත කලේය.ඉන් පසුව ඕනෑම කුලයක අයට දක්ෂතා මත කැමති රැකියාවක් කල හැකිය.රාජකාරි ක්‍රමය අහෝසි කර ධනවාදී ලිබරල් ක්‍රමය රට තුළ ස්ථාපිත කිරීමට සුද්දන්ට හැකි වුවද පහත් මිනිසුන්ගේ කුල මානසිකත්වය වෙනස් කිරීමට බැරි විය.තවමත් මෙම ක්‍රමය සමහරුගේ
මනසින් ඉවත් වී නැති බව පත්තර වල මංගල දැන්වීම් තුලින් පෙනේ.


සටහන - නවෝද් වීරසිංහ

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by