Pages

04 February 2016

ජේ ආර් ගෙ මැජික් එක

දවසක් ජේ ආර් ප්‍රේමදාස එක්ක බ්‍රිතාන්‍යයේ රැජිනගෙ භෝජන සංග්‍රහයකට ගිහින් තියෙනවා.ඒ කෑම මේසෙ හැඳි ගෑරැප්පු එහෙම රත්තරං වලින් හදල තියෙන්නෙ.කට්ටිය විහිලු කතා කරමින් භෝජනය ගන්න අතර ප්‍රේමදාස රත්තරං හැන්දක් කාටත් නොපෙනෙන්න සාක්කුවට දාගෙන.. කොහොමහරි ජේ ආර් මේක දැකල තියෙනවා. ජේ ආර් රැජිනට කිව්වලු මම දැන් මැජික් එකක් කරන්න යන්නෙ කියල.. හැමෝම දැන් ජේ ආර් දිහා බලාගෙන. ජේ ආර් රත්තරං හැන්දක් අරගෙන කිව්වලු මම දැන් මේක මගේ සාක්කුවට දාගෙන ප්‍රේමදාසගෙ සාක්කුවෙන් ගන්නව කියල බොරුවට මන්තරයක් මතුරල හැන්ද සාක්කුවට දාගත් ජේ ආර් ප්‍රේමදාසගෙ සාක්කුවෙන් හැන්ද අරන් පෙන්නුවාලු.. හැමෝම අත්පුඩි ගහල.රැජිනන් ගොඩක් පුදුම වුනාලු.. ගෙදර එන ගමන් ප්ලේන් එකේදි ජේ ආර් ප්‍රේමදාසගෙන් ඇහුවලු මොකද අප්සට් එකේ කියල.නෑ මුකුත් නෑ කියල ප්‍රේමදාස බිම බලා ගත්තලු... 

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by