Pages

05 January 2016

නව ආණ්ඩු ක්‍රමය කෙසේ සකස් විය යුතුද?

ඡන්ද ක්‍රමය

සරල බහුතර ඡන්ද ක්‍රමය හොඳම ක්‍රමයයි.භූමි ප්‍රමාණයත් ජනගහනයත් අනුව ආසන බෙදිය යුතුය.එහිදී ජන ප්‍රමාණයට ප්‍රමුඛත්වය දී ආසන වෙන් කල යුතු අතර ජන ඝනත්වය සම්පූර්ණ නොවන විටදී භූමි වර්ග ප්‍රමාණය අනුව ආසන වෙන් කල යුතුය.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය නියත වශයෙන්ම 225ට වඩා වැඩි වනු ඇත.එය ප්‍රශ්නයක් වන්නේ ඔවුන් නඩත්තුවට විශාල මුදලක් වැය වන බව සිතුවෝත්‍ ය.නමුත් දැනට මන්ත්‍රීවරුන් 225ට වැය කරන මුදලම ඔවුන් අතරේ බෙදෙන ලෙස වැය සකස් කල හැකිය.

ඡන්දය විමසීමේදී කැමැත්ත මෙන්ම අකමැත්තද ඡන්ද පත්‍රිකාවේ සටහන් කල හැකි විය යුතුය.බහුතර ජනතාව අකමැති පුද්ගලයන් එයින් ප්‍රතික්ෂේප වී යනු ඇත.සරල බහුතර ක්‍රමය නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ එවිටය.සරල බහුතර ක්‍රමය තුලදී පක්ෂ වලට වඩා පුද්ගලයා බලා ඡන්දය දෙන් හෙයින් සුලු පක්ෂ වල පුද්ගලයන්ට වුවද පහසුවෙන් ජය ගත හැකිය.බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේද ක්‍රියාත්මක වන්නේ සරල බහුතර ක්‍රමයයි.මෙමගින් විශාල මුදල් ඉතිරියක් වන අතර දේශපාලනඥයාටද තම ප්‍රදේශයේ ජනතාට වඩාත් සමීප විය හැක.

ව්‍යවස්ථාදායකය

ජාතික ලැයිස්තු ක්‍රමය වෙනුවට සෙනෙට් සභාවක් ඇති කල යුතුය.එය පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව පක්ෂ අතරේ ආසන බෙදා දිය යුතුය.සෙනෙට් සභාවට ගන්නා අය ඡන්දයට පෙර ඒ ඒ පක්ෂ විසින් ප්‍රමුඛත්වය අනුව පිලිවෙලට සැකසූ ලැයිස්තුවක් ඉදිරිපත් කල යුතුය.එම ලැයිස්තුවේ පිලිවෙලට අනුවම ඡනදයෙන් පසුව සෙනෙට් සභාවට සාමාජිකයන් ගත යුතුය.එයින් රැවටීම වැලකේ.මෙම සෙනෙට් සභාට බඳවා ගත යුත්තේ