රනිල් නම්වූ ඒ අසහාය නායකයා තම 40 වසරක දේශපාලන ජීවිතයේ සිදුකළ සේවය මෙසේ ගෙන හැර දක්වමු.
01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූවේය.
02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.
03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.
04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරනු වස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.
05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.
06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී. එසේ ආරම්භ කළ විද්‍යාපීඨ නම්,
• නිල්වලා
• පස්දුන්රට
• මහවැලි
• සියනෑ
• නිට්ටඹුව ශාරිපුත්ත
• ඌව
• හාපිටිගම
• ශ්‍රී පාද
• අඩ්ලච්ච්න
07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්රමයන් ලක්දෙරණට හදුන්වා දීම.
08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
(පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)
09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම.
10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .
12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.
13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.
14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .
15. අ.පො.ස. උසස් පෙළ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.
16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.
17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.
18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.
19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)
20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම.
21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.
22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.
24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.
32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
(නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.
36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.
37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.
39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත් මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.
40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
41. සාම සාකච්ඡා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.
42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම. එමගින් ශ්‍රී ලාංකීය අපනයන ආදායම ඇගළුම් වලින් 40%කින් ඉහළ දැමීම.
45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.
48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.
49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම. එහි පදනම එතුමා අමාත්‍යධූරය දැරූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා සිදුකෙරිණි.
50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.
51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම්උදාව" වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.
52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.
54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.
55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.
57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබාදීම.
58. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.
59. රැකියා විරහිත උපාධීධාරීන් 20000කට 2015 පසු රැකියා ලබාදීම.
60. 2015ට පසු රටතුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසැල් සංවර්ධන ව්‍යාපෘති 15000ක් ක්‍රියාත්මක කරවීම.
61. සමෘද්ධිය හරහා රටේ දුප්පත්කම තුරන් කිරීමට 2019 වසරේ සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කරන ලදී. එමෙන්ම සමෘද්ධි නිලධාරීන් 5000කට ස්ථීර පත්වීම් ලබාදීමට කටයුතු කරන ලදී.
62. 2014 රාජ්‍ය සේවයේ වැටුප 20,000 සිට 35,000ක් දක්වා වැඩි කරවීය.
63. ආගමික ස්ථාන 9,850ක් ප්‍රතිසංස්කරණය කරවීය.
64. දිවයින පූරා වැව් සහ ඇල මාර්ග 1,336ක් ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ද ඉදිකරන ලදී.
65. 2015ට පසු තම රජය හරහා නිවාස 12,855ක් ජනතාවට තිළණ කරන්නට යෙදුනි. මෙහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් නිවාස ව්‍යාපෘති 6250ක් තම පුද්ගලික අධීක්ෂණය යටතේ ඉදිකරදෙන ලදී.
66. තම රජය හරහා ලොරි චැසි නොවන සුඛෝපභෝගී බස් රථ 2,000ක් ශ්‍රී ලංගමයට හා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල ඇනවුම් කරන්නට උපදෙස් දෙන ලද අතර, ඉන් කොටසක් මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කොට ධාවනයේ යොදවා ඇත.
එමෙන්ම තව විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටුකිරීමට උගතුන්, වෘත්තීයවේදීන් ශ්‍රී ලාංකීය දේශපාලනයට අවැසි බව නිතර සිතූ එතුමා විවිධ උගතුන්, වෘත්තීයවේදීන් දේශපාලන කරලියට ගෙන ඒමට කටයුතු කළ ජාත්‍යන්තරය පිලිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ හේ රනිල් නම් වූ ශ්‍රී ලාංකීය ජාතියට දැනෙන වැඩක් කළ අපූරු මිනිසාය
රනිල් නම් වූ ඔහු....
ඊයේ පෙරේදා කොරෝනා වෛරසය පිලිබද සාකච්ඡා කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පක්ශ විපක්ෂ නායකයින් දේශපාලන අරමුණු මදකට පසෙක තබා අරලිය ගහ මන්දිරයට රැස්වෙන්නේ වෛරසය කිසිදු ආකාරයකින් ජාතිබේද පක්ශ බේද නොබලන ඛේදවාචකයක් වීම හේතුවෙන්..මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යසනය මැඩපැවැත්වීම සදහා කල යෝජනාවන් කිහිපය රටේ බහුතරයකගේ අගය කිරීමට ලක් වෙන්නේ දේශපාලනය කෝනයකින් තොරව..කෙටියෙන්ම සදහන් කලොත් "බලය තියෙනකොට මොලේ නෑ මොලේ තියෙන කොට බලේ නෑ " 😃 කියන අපූර්ව නිගමන පාඨ සමාජජාල පුරා හුවමාරු වෙත්දි මට අහම්බෙන් මතක් වුනේ 2018 කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් අධිෂ්ඨානය කෘතිය... කතෲ වරයා වුනේ හිටපු නාවික හමුදා පති වගේම එල්ටීටීඊ සංවිධානය යුධමය අතින් පරාජය කිරීමේ සයුරේ වගකීම ගත් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ .පොතේ එක තැනක අද්මිරාල් මෙහෙම සටහන් කරනවා .. ලිපියේ දීර්ග බව ඔබට ඒකාකාරී බවක් ගෙන එයි කියන සැකය නිසා මම ඒක මගේ බාසාවෙන් සටහන් කරන්නම්.....2003 වසරේ අප්‍රේල් 24 වනදා සාමගිවිසුමට පසු එල්ටීටීඊ ය සහ ආරක්ෂක අංශ වල තත්වය විමසීම සදහා රනිල් වික්‍රමසිංහ සහ තිලක් මාරපන ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට එනවා එතනදී පැවති භෝජන සංග්‍රහයට සහභාගී වෙන්නේ නාවික හමුදා පති තුමන් , එවකට නැගෙනහිර නාවික බලය හැසිරවූ කරන්නාගොඩ ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ තිලක් මාරපන පමණයි මෙතනදි රනිල් වික්‍රමසිංහට වසන්ත කරන්නා ගොඩ සාමගිවිසුමට මුවා වී එල්ටීටීඊය සිදුකරන පිරිස් සංවිධානය පිලිබද පවසනවා.එහිදී කරන්නාගොඩ වැඩිදුරටත් නැගෙනහිර සාමය යොදාගෙන සයුරේ මෙන්ම ගොඩබිම එල්ටීටීඊය ව්‍යාප්ත වන ආකාරය රනිල් වික්‍රමසිංහට පුරා පැයක් විස්තර කරගෙන යත්දි එක් විටම රනිල් ඔහුට මැදදි බාදා කරනවා .කරන්නාගොඩ උඹ ලග තියෙනවද කැරෝකේ සෙට් එකක් . හෑන්ඩ් ෆ්‍රී දෙකක් එක්ක ටීවි බලන්න පුලුවන් එකක්..මේ ප්රශ්නය හමුවේ අද්මිරාල් කරන්නාගොඩ වික්ශ්පිත වෙනවා විතරක් නෙමේ මෙච්චර වෙලා පැහැදිලි කල අදහස් කිසිවක් රනිල් වික්‍රමසිංහ අවධානයට නොගත් බවත් වැටහෙනවානෑ සර් මම ලග එහෙම එකක් නෑඔහු අග්‍රාමාත්‍ය වරයා හමුවේ සිනහවෙමින් පිලිතුරු දෙනවා
"""ඒකනේ... තමුසේ හොදයි බලනවා අර මෙහේ ලීඩ් කරන කරුණා අම්මාන්...මිනිහා බැංකොක් සාමසාකච්චා වලට ගිහින් එනකොට කැරෝකේ සෙට් එකක් ගෙනාවා ඒකෙන් සිංදු කියන්නත් පුලුවන් අයිසේ"""එහෙම කියපු රනිල් වික්‍රමසිංහ හිනා වෙනවා...සුපුරුදු විදියට නිකටට අත තියාගෙන...මේ වෙලාවේ මේ හාස්යේ බරපතළ කම කරන්නාගොඩට වැටහෙන්නෙ නෑ හැබැයි වැටහෙන කොට රටේ දේශපාලනය වෙනස් වෙලා..සාමගිවිසුම මගින් අවුරුදු 18 කටත් වඩා කාලයක් වන්නි කැලයේ සැගව සිටි තමිල් නාඩු නලුවන් මෙන් අලංකාර එල්ටීටීඊ නායකයන් ලොවක් හමුවේ විවර වෙන්න ගන්නවා ඒවගේම එල්ටීටීඊ සංවිධානයේ උද්දච්ච කම සහ ප්රභාකරන් ගේ යුධ මානසිකත්වය ජාත්‍යන්තරය හමුවේ ඔප්පු වෙනවා...
පස්සේ කාලෙක
එදා බැංකොක් ගිහින් නයිට් ක්ලබ් වල නට නටා තමන්ගේ වනගත සටන් ජීවිතේ පිලිබද කලකිරුණු කරුණා අම්මාන් .....
රනිල් වික්‍රමසිංහට අනුව කැරෝකේ සෙට් එකක් සමග වන්නියට ගිය කරුණා අම්මාන් ආපහු ඇවිත් රජයට එකතුවෙන්නේ එල්ටීටීඊ සාමාජිකයන් 480 ක් සමග... ඒ අතර එල්ටීටීඊයට ඉතා වැදගත් ටොසී බුද්ධි අංශ සාමාජිකයන් 34 ක් මේජර් වරුන් 13 ක් ඇතුලත් වෙනවා....
පසුකලෙක ප්රභාකරන් ගේ පරම සතුරා වෙන්නේ රනිල් වික්‍රමසිංහ ...
ඒ බව 2004 මහ විරු දිනයේදී ප්රභාකරන් ප්‍රකාශ කරනවා
"අපි ආයෙත් නරියන් සමග මේස ගත වෙන්නේ නැහැ..."
කොටින්ම කිව්වොත් එල්ටීටීඊය එලඹුන ජනාධිපතිවරණයට සහය දෙන්නේ රනිල් වික්‍රමසිංහට නෙමෙයි මහින්ද රාජපක්ෂට.
ජනාධිපතිවරණය වර්ජනය කරලා උතුරේ ලක්ශ ගනනක් වූ unp චන්ද කඩලා දාලා තමයි ප්රභාකරන් එදා රනිල් වික්‍රමසිංහට පාඩම උගන්වන්නේ..
කරන්නාගොඩ අවසානේ මෙහෙම සටහන් කරනවා...
""""කරුණා අම්මාන් ඇතුලු එල්ටීටීඊ නායකයන්ට සුර ලොව පෙන්වලා සංවිධානය අඩාල කලේ රනිල් වික්‍රමසිංහ ඒ ගැන තර්කයක් නෑ...
ඒ ඔහුගේ තීක්ෂණ බුද්ධිය සහ උපායශීලීත්වය...
එදා කරුණා නොගැලවුනානම් එල්ටීටීඊය පරාජය කිරීම මෙතරම් පහසු නොවෙන්න තිබ්බා""""""
The book titled අධිෂ්ඨානය - written by රියර් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්
වසන්ත කරන්නාගොඩ