රාජ්‍යට දැඩිව විරුද්ධ වන සමාජවාදීන් රාජ්‍ය හටගත්තේ ඇයිද යන්න නොවිමසයි.ඔවුන් පවසනුයේ රාජ්‍ය යනු පංති උපකරණයක් බවයි.රාජ්‍ය නැති කළ යුතු බව ඔවුන් පවසයි.නමුත් රාජ්‍යයක් නැති තැන සිදුවන්නේ විනාශයකි.රාජ්‍යට පෙර පැවති ප්‍රකෘති සමාජය තුළ සිදු වූයේ ශරිර ශක්තියෙන් වැඩි බලවතා විසින් දුබලයා යටත් කොට ගෙන සිටීමයි.එහිදී සිදු වූ අසාධාරණකම් නිසාම සමාජයේ බුද්ධිමතුන් එකතු වී රාජ්‍ය නිර්මාණය කරන ලදී.එමගින් නීතිගරුක සමාජයක් බිහි විය.නමුත් දේශපාලයේ පවතින අඩුපාඩු නිසා හොරකම, නාස්තිය ඇති විය හැකිය.එනමුත් රාජ්‍ය නැති කිරීම එයට විසඳුම නොවේ.ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුළ යමෙකු ධනපතියෙකු හෝ නිර්ධනයෙකු වන්නේ රාජ්‍යයේ බලපෑමෙන් නොව ඔහුගේ උගත්කම හෝ බුද්ධිමත් බව හෝ මෙම දෙකම ඔහු සතු නිසා ය.සමාජවාදය තුළ සියලු දෙනාට සමානව වත්කම් තිබිය යුතුය, සමානව වැටුප් ලැබිය යුතුය.එය සාධාරණ ද? සාමාන්‍ය පෙළ අසමත් වන පුද්ගලයාගේත් උපාධියක් හිමි පුද්ගලයාගේත් සමාජ තත්වය එකනම්? එය සාධාරණ ද? සාමානතාවය යනු සාධාරණය නොවේ.ඕනෑම නිර්ධන පුද්ගලයෙකුට ධනපතියෙකු වීමට අවස්ථාව නිදහස් අධ්‍යාපනය තුළින් ලැබේ.එම නිසා යමෙකු රාජ්‍ය පංති පීඩක උපකරණයක් ලෙස දකින්නේනම් එය විශාල මුලාවකි.රාජ්‍ය නැති තැන ප්‍රබලයා විසින් දුබලයා යටත් කර ගනු විනා සමානතාවයක්නම් ඇති නොවේ.අසීමිත ආශාවෙන් සහිත මිනිසුන් සිටින මෙම ලෝකයේ කිසිදා සමානතාවය ඇති නොවනු ඇත.ලිබරල් රාජ්‍ය තුළ සැමට සමාන අවස්ථාවන් හිමිවේ.එහි ප්‍රයෝජන ගන්නේ බුද්ධිමතුන් ය.එබැවින් සමාජවාදියෙකු නොවී බුද්ධිමතෙකු වන්න.කෙලෙස් නසා අශාවන් නැති කර තිබෙන්නේ බුදුන් හා රහතුන් පමණි.බුදුන් පවසා තිබෙන්නේද රාජ්‍ය ඇති වූයේ මිනීමැරුම්, අසාධාරණකම් පිරි සමාජයේ