Pages

25 December 2017

සමාජවාදී කරුමක්කාරයෝ

මේ රටේ තමන් සමාජවාදීන් නැතහොත් වාමාංශිකයන් යයි කියා ගන්නා අපූරු ජන කොට්ඨාශයක් වාසය කරති.

මොවුන්ගේ ශාස්තෘවරයා මාක්ස් නම් ජර්මානුවකි.

මේ ආගමේ නිකාය ගණනාවකි....

නරයන්ගේ අනාගතයට හොඳම උපදෙස් දුන්නේත්...

ජනතාවගේ එකම වෘක්තෘවරයා හැටියටත්....

ඔවුන්ට ම වෙන්වූ 'මාක්ස්' නම් ශාස්තෘවරයා ගැන තදින් විශ්වාස කරති.

ශාස්තෘවරයා මෙන්ම රැවුල්, හිසකේ කැපීමට මැලි කමක් දක්වන මෙහි බොහොමයක් බැතිමතුන්.....

රක්ත වර්ණ වස්ත්‍ර ඇඳීමට දැඩි ගිජු කමක් දක්වති.

එහි අනුගාමිකයෝ...එකිනෙකාට ලිංග භේදය අනුව සහෝදරයා...සහෝදරී...ලෙස අමතා ගනිති....

සාමාන්‍යය ජනයා අදහන ආගම් හෙළා දකින මොවුන්....

බෞද්ධයන් තම ශාස්තෘවරයාගේ දතකට ගරුකරන බවට සිනාසෙන මොවුන්....

රුසියාවේ දී මාක්ස්ගේ අගසව්වකු වූ ලෙනින් නැමැති ඔවුන්ගේ උතුමාගේ මිනිය වසර ගණනක් තබා ගෙන ඇදහූයේ ය....

'චේ' හා 'කස්ත්‍රෝ' යනුවෙන් තවත් ඔවුන්ගේ මහා සාන්තුවරයෝ දෙදෙනෙකි....

එම දෙදෙනාගේ පච්ච තම කම්මුල් වල...පියවුරු වල පවා කොටා ගැනීම....
භක්තිමත් සමජවාදී කතුන් අභිමානයක් කොට සළකයි....

මෙරට සිටින මෙහි අනුගාමිකයෝ....
තුංමං හන්දි...හතරමං හන්දි වල....
සහ ඇතුළු නුවර ආසන්නයේ විශාල වේදිකා ඉදිකර මාක්ස් ගේ බලි රූප ඇඳ වරින් වර පුදපූජා පවත්වනු මම ද දැක ඇත්තෙමි....

ඉස්ලාම් ආගමේ මෙන් ඔවුන් 'විප්ලවය' නමින් "ශුද්ධ යුද්ධයක්" දසක කිහිපයකට වරක් රට පුරා කරන අතර...

එහිදී ඔවුන්ට විරුද්ධ වන යාචකයින් පවා ධනපතියන් ලෙස හඳුන්වා මරා දමති....

විප්ලවයට කෙළවන විට....එතෙක් කලක් ධනපති රටවල් ලෙස ඔවුන්ම හැඳින් වූ රටකට දරුමල්ලන් සමඟ පැනයාමට අමතක නොකරති.....

විප්ලවයට පෙර 'පන්ති' නැමැති විශේෂ අභිවාර විදියක් පවත්වන ඔවුන් එහිදී ගැහැණු පිරිමි සියල්ලෝම එකට පැදුරු වල රැය පහන් කරති....
එය අභිමානයක් කොට සළකති...

'ඉල්' හා 'බක්' මාසවල ඔවුන්ගේ විශේෂ මහා පූජා දෙකක් පැවැත්වේ.....

එහි දී ඔවුන්, ප්‍රාර්ථනා කරන ' සම-සමාජය' මතු දිනක මේ පොළව මත පහළ කර ගත යුතු යයි දිවුරති....

දෑත් මිටමොලවමින්....දත් මිටි කමින්....නායක කාරකාදීන් පෙර කී වේදිකාව මතට වී එසේ මොර දෙන විට....

පැමිණ සිටින අනෙකුත් අනුගාමිකයෝ මහත් වූ උද්දාමයෙන් ජය ඝෝෂා නංවමින් ඔල්වරසන් දෙති.

ඔවුහු ඇඟට පතට නොදැනී බොරු කියති....

එය ඔව්හු නින්දාවට කරුණක් ලෙස නොසලකති.

එනිසා දෝ බහුතර රට වැසියෝ මොවුන් දොඩවන දේ එතරම් මායිම් නොකරති.

නිර්ලෝභීව අනුකම්පා කරති.

පොදුවේ රංචු ගැසීමත්...
වාචාල කමත්.....ප්‍රිය කරන මොවුන්....

සිංහල බෞද්ධ කමට කෙලලා ඇරීමෙන්ම පමණක්.....ඔවුන් ප්‍රාර්ථනා කරන සමාජවාදී රාජ්‍යය බිහිවේ යයි තද විශ්වාසයෙන් දවස ගත කරති...

සැකසුම : සාගර දියගම ©
●▬▬▬▬▬▬▬۩۞۩▬▬▬▬▬▬▬●
තව කෙනෙකුට බලන්න share කරන්න