Pages

27 December 2015

කඩ්ඩ ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

බණ්ඩාරනායක ශ්‍රීමතා යයි ඉතිහාසය පුරාවට පුම්බා තැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට කල කොඩිවිනයේ ප්‍රතිඵල දශක කිහිපයක් ඔස්සේ විපාක දෙමින් ඇත. කන්නන්ගරයන් විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙනඒමට සැරසෙද්දී, ඔහු මුණ ගැසුනු බණ්ඩාරනායක, "මොකක්ද Cris මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ " යයි විමසු බව ප්‍රසිද්ධ කරුණකි. මින් නොනැවතුන බණ්ඩාරනායක, නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව තම චන්දය පාර්ලිමේන්තුවේදී භාවිත කරන ලදී. කෙසේනමුත් බණ්ඩාරනායක වැනි කුහකයන්ට එදා නිදහස් අධ්‍යාපන පනත පරාජය කිරීමට නොහැකි විය. එමනිසා බලයට පත්වූ විගස බණ්ඩාරනායක කලේ ඉංග්‍රීසියෙන් පැවතුන අධ්‍යාපනය සිංහලයට පෙරලීමයි. මෙය එකල ගුරුවරුන්ටද මහත් ජංජාලයක් වූ අතර

06 December 2015

ආගම කියන්නෙ ලණුවක්‍ ද?

ආගම කියන්නෙ මොකක්? ඒකෙන් කෙරෙන්නෙ මොකක්ද ? ආගම් ගොඩක් ඇයි ? ඇත්ත කියන්නෙ මොන ආගමේද?

ප්‍රාග් ඉතිහාසයේ පටන් මිනිසුන්ගේ විවිධ විශ්වාස තිබුනි.ගස් ,ගල්,ගංගා ,හිරු,වලාකුළු පාවා දෙවියන් සේ සලකා ඒවා වන්දනාමාන කර තිබේ.මිනිසුන් මෙසේ කරන්නේ ඇයි? එයට හේතුව බියයි.. නොපෙන බලවේග විසින් තමන්ට කරදර වේය යන බියයි.. නැතහොත් තමන් අසරණ වූ විට නොපෙනෙන බලවේගයක් තමාට පිහිට වේය යන විශ්වාසයයි.

මිනිසුන්ගේ මෙම මානසික තත්ත්වයන් මත බිහි වූ ඇදහීම් ක්‍රමය විවිධ ආගම් ලෙස වර්ධනය විය.සමහරෙක් තම වාසියට ගොතා ආගම් නිර්මාණය කලේය.තවත් සමහරෙක් දුටු හීනයක් ප්‍රසිද්ධ කොට එය ආගමක් සේ නිර්මාණය කලේය.තවත් පිරිසක් මානසික රෝගී භාවය මත ආගම් නිර්මාණය කලේය.ඇතමුන් දාර්ශනිකයන්ය.ඔවුන් යහපතක් ලෙස ජීවත් වීමට උපදෙස් දුන්නේය.පිරිසක් එම දාර්ශනිකයන් කියූ දෙය ආගමක් ලෙස නිර්මාණය කලේය. එම දර්ශනයන්ට ලුණු ඇඹුල් එකතු කිරීමටද සමහරුන් අමතක කලේ නැත.ආගම් ගොඩක් බිහි වූයේ මෙලෙසින්ය.

ඇත්ත කියන්නෙ මොන ආගමේද ?
මොන ආගමේ ඇත්ත කියූවත් මොන ආගමේ බොරුව කියූවත් සතුටින් , දුකින්, සැපවත්ව, දුක් විඳිමින් ජීවත් වන මිනිසුන් හැම ආගමකම සිටී. ඔවුන් කලු හම, සුදු හම, තලෙලු හම, දුප්පත්, පොහොසත්, අංග විකල සහ නොවන වීමට පුලුවන.ඔවුන් සියලු දේනාගේම ලේ රතු පාට වේ.ශරීර අවයව සමාන වේ.මිනිසුන් වෙනස් වෙන්නේ කතා කරන භාෂාව හා ජීවත් වන සංස්කෘතිය (ක්‍රමය) අනුව පමණි.

ඕනම ආගමකට අයත් දරුවෙකු ඉපදීමෙන් පසු