ආගම කියන්නෙ මොකක්? ඒකෙන් කෙරෙන්නෙ මොකක්ද ? ආගම් ගොඩක් ඇයි ? ඇත්ත කියන්නෙ මොන ආගමේද?
ප්රාග් ඉතිහාසයේ පටන් මිනිසුන්ගේ විවිධ විශ්වාස තිබුනි.ගස් ,ගල්,ගංගා ,හිරු,වලාකුළු පාවා දෙවියන් සේ සලකා ඒවා වන්දනාමාන කර තිබේ.මිනිසුන් මෙසේ කරන්නේ ඇයි? එයට හේතුව බියයි.. නොපෙන බලවේග විසින් තමන්ට කරදර වේය යන බියයි.. නැතහොත් තමන් අසරණ වූ විට නොපෙනෙන බලවේගයක් තමාට පිහිට වේය යන විශ්වාසයයි.
මිනිසුන්ගේ මෙම මානසික තත්ත්වයන් මත බිහි වූ ඇදහීම් ක්‍රමය විවිධ ආගම් ලෙස වර්ධනය විය.සමහරෙක් තම වාසියට ගොතා ආගම් නිර්මාණය කලේය.තවත් සමහරෙක් දුටු හීනයක් ප්‍රසිද්ධ කොට එය ආගමක් සේ නිර්මාණය කලේය.තවත් පිරිසක් මානසික රෝගී භාවය මත ආගම් නිර්මාණය කලේය.ඇතමුන් දාර්ශනිකයන්ය.ඔවුන් යහපතක් ලෙස ජීවත් වීමට උපදෙස් දුන්නේය.පිරිසක් එම දාර්ශනිකයන් කියූ දෙය ආගමක් ලෙස නිර්මාණය කලේය. එම දර්ශනයන්ට ලුණු ඇඹුල් එකතු කිරීමටද සමහරුන් අමතක කලේ නැත.ආගම් ගොඩක් බිහි වූයේ මෙලෙසින්ය.
ඇත්ත කියන්නෙ මොන ආගමේද ?
මොන ආගමේ ඇත්ත කියූවත් මොන ආගමේ බොරුව කියූවත් සතුටින් , දුකින්, සැපවත්ව, දුක් විඳිමින් ජීවත් වන මිනිසුන් හැම ආගමකම සිටී. ඔවුන් කලු හම, සුදු හම, තලෙලු හම, දුප්පත්, පොහොසත්, අංග විකල සහ නොවන වීමට පුලුවන.ඔවුන් සියලු දේනාගේම ලේ රතු පාට වේ.ශරීර අවයව සමාන වේ.මිනිසුන් වෙනස් වෙන්නේ කතා කරන භාෂාව හා ජීවත් වන සංස්කෘතිය (ක්‍රමය) අනුව පමණි.
ඕනම ආගමකට අයත් දරුවෙකු ඉපදීමෙන් පසු
එම දරුවා වෙනත් ආගම දරුවෙකු සමග රෝහල්දීම මාරු වුවහොත් කුමක් සිදු වේද? එම දෙමාපියන්ගේ ආගම එම දරුවාට උරුම වේ.ආගම් තීරණය වන්නේ උපතින් නොව පරම්පරාවෙන්ය.
භාණ්ඩයක් මිලදී ගැනීමට වෙලඳ සැලට ගොස් මිල ගනන් හා තත්වය විමසා එය අනික හා සසඳා බලා මිලදී ගන්නා මිනිසුන් ආගම තෝරා ගැනීමේදී එසේ නොවන්නේ ඇයි ? පරම්පරාවෙන් ඉගෙන ගෙන එම ආගම පමනක් අධ්‍යනය කොට අනික් ආගම් වලට බැනීම සාධාරණද? ඔබට නිවැරදි ආගම හඳුනා ගැනීමට අවශ්‍ය නම් සියලුම ආගම් අධ්‍යනය කිරීමට අවශ්‍ය වේ.
ආගම් වලට මරා ගන්නෙ ඇයි ?
ලොව පුරා යුද්ධ ඇති වීමට.මිනිසුන් බේද වීමට ප්‍රදාන හේතුව ආගමයි.මොහොතක් සිතන්න.ඔබ ආගම් ලෙස කන්නේ කවුරුන් හෝ දුන් ලණුවක් යැයි ඔබට සිතෙන්නේ නැද්ද ??
- Navod Weerasinghe