Pages

27 December 2015

කඩ්ඩ ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

බණ්ඩාරනායක ශ්‍රීමතා යයි ඉතිහාසය පුරාවට පුම්බා තැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට කල කොඩිවිනයේ ප්‍රතිඵල දශක කිහිපයක් ඔස්සේ විපාක දෙමින් ඇත. කන්නන්ගරයන් විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙනඒමට සැරසෙද්දී, ඔහු මුණ ගැසුනු බණ්ඩාරනායක, "මොකක්ද Cris මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ " යයි විමසු බව ප්‍රසිද්ධ කරුණකි. මින් නොනැවතුන බණ්ඩාරනායක, නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව තම චන්දය පාර්ලිමේන්තුවේදී භාවිත කරන ලදී. කෙසේනමුත් බණ්ඩාරනායක වැනි කුහකයන්ට එදා නිදහස් අධ්‍යාපන පනත පරාජය කිරීමට නොහැකි විය. එමනිසා බලයට පත්වූ විගස බණ්ඩාරනායක කලේ ඉංග්‍රීසියෙන් පැවතුන අධ්‍යාපනය සිංහලයට පෙරලීමයි. මෙය එකල ගුරුවරුන්ටද මහත් ජංජාලයක් වූ අතර

06 December 2015

ආගම කියන්නෙ ලණුවක්‍ ද?

ආගම කියන්නෙ මොකක්? ඒකෙන් කෙරෙන්නෙ මොකක්ද ? ආගම් ගොඩක් ඇයි ? ඇත්ත කියන්නෙ මොන ආගමේද?

ප්‍රාග් ඉතිහාසයේ පටන් මිනිසුන්ගේ විවිධ විශ්වාස තිබුනි.ගස් ,ගල්,ගංගා ,හිරු,වලාකුළු පාවා දෙවියන් සේ සලකා ඒවා වන්දනාමාන කර තිබේ.මිනිසුන් මෙසේ කරන්නේ ඇයි? එයට හේතුව බියයි.. නොපෙන බලවේග විසින් තමන්ට කරදර වේය යන බියයි.. නැතහොත් තමන් අසරණ වූ විට නොපෙනෙන බලවේගයක් තමාට පිහිට වේය යන විශ්වාසයයි.

මිනිසුන්ගේ මෙම මානසික තත්ත්වයන් මත බිහි වූ ඇදහීම් ක්‍රමය විවිධ ආගම් ලෙස වර්ධනය විය.සමහරෙක් තම වාසියට ගොතා ආගම් නිර්මාණය කලේය.තවත් සමහරෙක් දුටු හීනයක් ප්‍රසිද්ධ කොට එය ආගමක් සේ නිර්මාණය කලේය.තවත් පිරිසක් මානසික රෝගී භාවය මත ආගම් නිර්මාණය කලේය.ඇතමුන් දාර්ශනිකයන්ය.ඔවුන් යහපතක් ලෙස ජීවත් වීමට උපදෙස් දුන්නේය.පිරිසක් එම දාර්ශනිකයන් කියූ දෙය ආගමක් ලෙස නිර්මාණය කලේය. එම දර්ශනයන්ට ලුණු ඇඹුල් එකතු කිරීමටද සමහරුන් අමතක කලේ නැත.ආගම් ගොඩක් බිහි වූයේ මෙලෙසින්ය.

ඇත්ත කියන්නෙ මොන ආගමේද ?
මොන ආගමේ ඇත්ත කියූවත් මොන ආගමේ බොරුව කියූවත් සතුටින් , දුකින්, සැපවත්ව, දුක් විඳිමින් ජීවත් වන මිනිසුන් හැම ආගමකම සිටී. ඔවුන් කලු හම, සුදු හම, තලෙලු හම, දුප්පත්, පොහොසත්, අංග විකල සහ නොවන වීමට පුලුවන.ඔවුන් සියලු දේනාගේම ලේ රතු පාට වේ.ශරීර අවයව සමාන වේ.මිනිසුන් වෙනස් වෙන්නේ කතා කරන භාෂාව හා ජීවත් වන සංස්කෘතිය (ක්‍රමය) අනුව පමණි.

ඕනම ආගමකට අයත් දරුවෙකු ඉපදීමෙන් පසු

13 October 2015

ඉංග්‍රීසි අධ්‍යාපනය රට තුළ ක්‍රියාත්මක කිරීමේ වැදගතකම

ශ්‍රී ලංකාවේ බහුතරයකට ඉංග්‍රීසි බැරි වීම නිසා අනෙකුත් දක්ෂතා තිබුනද ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට බැරි වී තිබේ.වර්තමානයේ රැකියා සඳහා බඳවා ගැනීමේදීද විමසන්නේ ඉංග්‍රීසි හැකියාවයි.

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කර තිබූ නිසා උගත් ධනපති පංතියක් බිහි වෙමින් පැවතුණි.නමුත් පසු කාලීන කුහක දේශපාලනඥයින්ගේ වුවමනාවට ඉංග්‍රීසි අධ්‍යාපනය නවත්වයි.

පොඩි ළමයින් කුඩා කල සිටම ඉංග්‍රීසි පංති ගියද ඔවුන්ට ඉංග්‍රීසි බැරි වන්නේ ඉංග්‍රීසි කතා නොකරන නිසාය.නමුත් ඉංග්‍රීසි කතා කිරීමට පුලුවන් වූ පමණින්ම සියල්ල විසඳෙන්නේ නැත.අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසියෙන්නම් ඔහුට ලොව ඕනෑම තැනක රැකියාවක් කල හැක.එහිදී රැකියා හිඟ වන්නේද නැත.මෙයට විඳුමක් තිබේ.එනම් නැවතත් ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති කළ යුතුය.එහිදී ගුරුවරුන් හිඟ කම වැනි ප්‍රශ්න මතු වේ.එයට විසඳුම ලෙස පියවරෙන් පියවර මෙය ආරම්භ කළ යුතුය.එනම් 1 ශ්‍රේණිය සඳහා ලබන වසරේ සිට හෝ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම් කළහැකි ගුරුවරුන් ලවා ඉගැන්විය යුතුය.අනෙකුත් ගුරුවරුන් සඳහා

16 September 2015

කුලය (රාජකාරි ක්‍රමය)

කුලය නිසා සමහරු උසස් පහත් ලෙස සමාජයේ මතයක් පවතී.
ආදී ශ්‍රී ලංකාවේ එනම් 1833ට පෙර යුගයේ මිනිසුන්ට රැකියා ප්‍රශ්න තිබුනේ නැත.රැකියාව උරුම වූයේ පරම්පරාවෙන්ය.උදාහරණයක් ලෙස ගොවියාගේ පුතා ගොවියෙකුම විය යුතුය.බෙර ගහන්නාගේ පුතාද එයම කල යුතුය.ඔවුන්ට වෙන රැකියා කිරීමට එකල සමාජයෙන් ඉඩ නැත.කුලය ඇති වන්නේ මෙම රැකියා ක්‍රමය මතය.1833 වර්ෂයේ ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසීන් මෙම ක්‍රමය වෙනස් කර ධනවාදී ලිබරල් ක්‍රමය රට තුළ ස්ථාපිත කලේය.ඉන් පසුව ඕනෑම කුලයක අයට දක්ෂතා මත කැමති රැකියාවක් කල හැකිය.රාජකාරි ක්‍රමය අහෝසි කර ධනවාදී ලිබරල් ක්‍රමය රට තුළ ස්ථාපිත කිරීමට සුද්දන්ට හැකි වුවද පහත් මිනිසුන්ගේ කුල මානසිකත්වය වෙනස් කිරීමට බැරි විය.තවමත් මෙම ක්‍රමය සමහරුගේ